ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
ලබන 24 දිනට යෙදී ඇති ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මෙම අදහස් පළ කළේය.
"ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ක්ෂය රෝගය ආසාදනය වෙලා තියෙනවා. ලංකාව ගත්තහම සමාන්‍යයෙන් වසරකට රෝගීන් 8,500ත් 9,500ත් අතර සොයා ගන්නවා. පසුගිය වසර 25 ගත්තත් මේ සංඛ්‍යාවේ කිසිම වෙනසක් නෑ. ලබන වසරට යද්දි රෝගීන් 500ක විතර අඩුවක් විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගියවසරේ 8,726ක් රෝගීන් අපි සොයාගත්තා. ඒ අයගෙන් 93%ක්ම පළමු වතාවට ක්ෂය රෝගය වැලඳුන රෝගීන්. 75%ක්ම පෙනහලුගත ක්ෂය රෝගීන්. එයින් 5,500ක් පමණ පෙනහලුවල විෂබීජ සහිත ක්ෂය රෝගීන්. ඒ කියන්නේ තවත් කෙනෙකුට ක්ෂය රෝගය බෝකළ හැකි රෝගීන් තමා වැඩිපුරම ඉන්නේ. අපි භූගෝලීය ව්‍යප්තිය ගත්තහම ලංකාවේ 45%ක්ම ක්ෂය රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. මේ අවදානම් තැන් තමා මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, වනාතමුල්ල සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශ."
එම මාධ්‍ය හමුවට එක්වු ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා
"ක්ෂය රෝගය බෝවන්නේ ප්‍රධාන වශයෙන්ම ස්වසන මාර්ගය හරහා. ක්ෂය රෝගය තිබෙන අයෙකු කහිනවිට, කිවිසුම් යවන විට, හයියෙන් හිනාවෙද්දි රෝගකාරක බැක්ටීරියාව පරිසරයට නිරාවරණය වෙනවා. රෝගය ආසාදනය වෙලා නැති කෙනෙකුට මේ රෝගය බෝවීමට හැකියාව තියෙනවා. ඒ හරහා පෙනහලු ආශ්‍රිතව ක්ෂය රෝගය හැදිලා ඒ හරහා ශරීරයේ අනෙකුත් කොටස්වලටත් මෙය බෝවිය හැකියි. උත්සන්න වෙන්න කලින් රෝගීන් හඳුනාගන්න ලැබීම තුළින් රෝගය පාලනය කළ හැකියි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.