මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරනු ලැබේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල නිල ඇඳුමින් සැරසුණු කාර්ය මණ්ඩලයට සහ සිවිල් සේවකයින්ට ඡන්දය සලකුණු කළ හැකි බවයි.
ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන ප්‍රකාශයට පත් කර තිබෙන අතර අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කළ හැකියි.
අද (04) සහ අනිද්දා (06) දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබේ.
අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනයි.
ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.