අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් අනතුරුව ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවය.
තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර තිබේ.
මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ IRIS Dena නම් අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ බවය.
අදාළ නෞකාව ගිලෙමින් පවතින බවට නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.