මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව මේවන විට ත්‍රිකුණාමලයට රැගෙන යමින් ඇතැයි නාවික හමුදාව පවසයි.
නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ, ඔවුන්ට අවශ්‍ය කෑම බීම හා ඖෂධ ලබාදුන් බවය.
ආරක්ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය ලබා දෙන උපදෙස් අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවද ඔහු සඳහන් කළේය.
නාවික හමුදාව පවසන්නේ, යාත්‍රාවේ මියන්මාර් ජාතිකයින් 100 දෙනෙකුට පමණ සිටින බව ය. මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබේ.
අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිස සඳහා ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.
යාත්‍රාව තුළ දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කළේ ය.
මේ අතර, මුල්ලිවයික්කාල් ධීවර සමිතියේ සභාපති අරුමුගන් ශිවනේශ්වරම් බීබීසී සිංහල වෙත පැවසුවේ, ඊයේ (දෙසැ: 19) අලුයම ධීවර රැකියාව සඳහා යාමට සුදානම් වෙමින් සිටි ධීවරයින් පිරිසක් මෙම බෝට්ටුව දැක තිබූ බව ය.
"උදේ අපි මුහුදු යන්න සූදානම් වෙමින් හිටියා. ඒ වෙලාවේ මේ බෝට්ටුව වෙරළට ගහගෙන ආවා. අපේ ධීවරයෝ ගිහින් බලද්දී බෝට්ටුවේ අය හාමත්ව, අසරණ වෙලා ඉන්නවා දැකලා තියෙනවා. මේ ගැන අපි රජයේ බලධාරීන් සහ ආරක්ෂක අංශ දැනුවත් කළා. දැන් ඒ අයත් මෙතැනට ඇවිල්ලා ඉන්නවා. අපි පුළුවන් විදිහට ඒ අයට කෑම යි, වතුර යි දුන්නා," ඔහු පැවසුවේ ය.
මේ අතර, සරණාගතයින් රැගත් යාත්‍රාව අසලට ගිය මුලතිව් ධීවරයින් දෙදෙනෙකු ද බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, යාත්‍රාව තුළ සිටි ඇතැම් පුද්ගලයින් වැටී සිටින අයුරු දුටු බව ය.
"මියන්මාරයේ රෝහින්ග්‍යා ජාතිකයින් මේ බෝට්ටුවේ ඉන්නේ කියලා සැක කරන්නේ. 100කට අධික පිරිසක් ඉන්නවා. එතැන පොඩි ළමයි විසි පහකට වැඩිය ඉන්නවා. අපි දුන්න කෑම පොඩි ළමයි නම් කෑවා. ලොකු අය මුකුත් කන්නේ නෑ. සමහර අය බෝට්ටුව ඇතුළේ වැටිලා ඉන්නවා. ඒ අය කියන භාෂාව අපිට තේරෙන්නේ නැහැ," එම ධීවරයෝ පැවසූහ.
බීබීසී සිංහල කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය පැවසුවේ, මුලතිව් වෙරළ තීරයට පැමිණ ඇති යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් සිටින බව ය.
(BBC සිංහල සේවය)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.