තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව යි එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල සඳහන් කළේ.
ඒ අනුව ජල කප්පාදුව සිදුවන්නේ මෙසේ ය,
පාදුක්ක ප්‍රදේශයට -
අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක්
අප්‍රේල් මස හත්වෙනිදා රාත්‍රි 8.00 සිට අටවෙනිදා (08) රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක්
හෝමාගම ප්‍රදේශයට -
අප්‍රේල් මස තුන්වෙනිදා රාත්‍රි 8.00 සිට හතරවෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක්
අප්‍රේල් මස 8 රාත්‍රි 8.00 සිට අප්‍රේල් මස 9 රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක්
පැලැන්වත්ත ප්‍රදේශයට -
අප්‍රේල් මස හතරවෙනිදා රාත්‍රි 8.00 සිට පස්වෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක්
අප්‍රේල් 9 වෙනිදා රාත්‍රි 8.00 සිට අප්‍රේල් 10 රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක්
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.