තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති අතර එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි බව සඳහන්ය.
ළමුන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී තිබේ.
ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොමුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
මේ අතර ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්ෂය තුළ වාර්තා වී ඇති අතර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී තිබේ.
2024 වර්ෂය තුළ සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම සම්බන්ධ පැමිණිලි 18ක් ලැබී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳ පැමිණිලි 120ක් ලැබී ඇති බව වාර්තා වෙයි.
බාලවයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 53ක් පසුගිය වර්ෂය තුළ ලැබී ඇති අතර උප්පැන්න සහතික නොමැති ළමුන් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.