ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මියන්මාර රජයෙන් සහ අසල්වැසි රටවලින් විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස වහල් කඳවුරක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මුදා ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා ආරක්ෂිතව පෙරේදා(14) තායිලන්තයේ මේ සොට් නගරය වෙත පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. තායිලන්තය ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මේ සොට් නගරයේදී මුණ ගැසී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
තායිලන්ත බලධාරීන් එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කන්සියුලර් සහාය ලබා දෙන බවත් ඔවුන් සියලු දෙනා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායිලන්ත බලධාරීහු සමඟ සම්බන්ධීකරණය කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉතිරි ශ්‍රී ලාංකිකයන් 34 දෙනා මුදා ගැනීම සඳහා මියන්මාර තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන බවත් සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා නොයන්න යැයි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.