සරණට වසර 4ක සිරදඬුවමක් : නඩු 4ටම වරදකරු
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන ට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.
මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මියන්මාර රජයෙන් සහ අසල්වැසි රටවලින් විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස වහල් කඳවුරක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මුදා ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා ආරක්ෂිතව පෙරේදා(14) තායිලන්තයේ මේ සොට් නගරය වෙත පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. තායිලන්තය ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මේ සොට් නගරයේදී මුණ ගැසී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
තායිලන්ත බලධාරීන් එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කන්සියුලර් සහාය ලබා දෙන බවත් ඔවුන් සියලු දෙනා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායිලන්ත බලධාරීහු සමඟ සම්බන්ධීකරණය කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉතිරි ශ්‍රී ලාංකිකයන් 34 දෙනා මුදා ගැනීම සඳහා මියන්මාර තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන බවත් සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා නොයන්න යැයි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන ට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගැසූ, බුද්ධි අංශ වාර්තා සැඟවූ නිලධාරීන් ආරක්ෂා කරමින් යුද්ධය අවසන් කිරීමට උරදුන් බුද්ධි අංශ නායකයින් සිරගත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (7) කැකිරාවේ පැවති ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
වසරකට අධික කාලයක් තිස්සේ නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම අද (08) වෙහෙරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ.