තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ.
විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී අදාළ වාර්තාව ලබාදී ඇත.
එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්රකාශ ලබා ගැනීමට ද නියමිතය.
පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණි.
සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.