ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්ට අදාළ ගැටලු, ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් නිසා මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ දූත පිරිස නවදිල්ලි නුවරට කළ සංචාරයේදී, අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් අදානි විසින් උපුටා දක්වන ලද ගාස්තු ඉතා ඉහළ බව ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේ ය.
එහිදී ඉන්දීය පාර්ශවය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සඳහා සූදානම් බවයි.
මැයි මාසයේදී සලකා බැලීමට නියමිතව තිබූ අදානි කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බවත් පසුව පමණක් වැඩිදුර තීරණයක් ගන්නා බවත් රජය එවිට පවසා තිබුණි.