තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකාවේ යෝජිත ඩොලර් බිලියන 1 ක පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා තිබේ.
ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්ට අදාළ ගැටලු, ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් නිසා මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ දූත පිරිස නවදිල්ලි නුවරට කළ සංචාරයේදී, අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් අදානි විසින් උපුටා දක්වන ලද ගාස්තු ඉතා ඉහළ බව ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේ ය.
එහිදී ඉන්දීය පාර්ශවය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සඳහා සූදානම් බවයි.
මැයි මාසයේදී සලකා බැලීමට නියමිතව තිබූ අදානි කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බවත් පසුව පමණක් වැඩිදුර තීරණයක් ගන්නා බවත් රජය එවිට පවසා තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.