තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ වෙඩිවැදීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකු බව සඳහන්ය.
අද (07) අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් දෙහිවල, වටරප්පල ප්‍රදේශයේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
36 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
කවුරුන් විසින් කුමන හේතුවක් මත එම වෙඩිතැබීම සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.