තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතික ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසය.
එමෙන්ම විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම් ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නාය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.