වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ජීවන වියදම් සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, බොහෝ කාන්තාවන් ඔන්ලයින් ගණිකා වෘත්තිය වෙත යොමු වී ඇති බවට මෙරට පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, කාන්තාවන් සමඟ සමීපව කටයුතු කරන National Women's Unity නම් රාජ්‍ය නොවන සංවිධානයට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 සිට ගෘහණියන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔන්ලයින් ගණිකා වෘත්තියට යොමු වී ඇති බවයි.
National Women's Unity සභාපති හස්නි සිල්වා ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර ඇත්තේ රැකියා අවස්ථා හිඟකම සමඟ ඔට්ටු වන බොහෝ කාන්තාවන්ට ඔන්ලයින් ගණිකා වෘත්තිය අවසන් විසඳුම බවට පත්ව ඇති බවයි.
COVID-19 වසංගතයෙන් පසුව, ඇඟලුම් කම්හල් ඇතුළු බොහෝ සමාගම් වසා දැමීම, කාන්තාවන් අතර විරැකියාව ඉහළ යාමට හේතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ කාන්තාවන් ඉක්මන් ආදායමක් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස ඔන්ලයින් ගණිකා වෘත්තියට යොමු විය.
රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම දුෂ්කර නිසා බොහෝ කාන්තාවන් ණය ලබා ගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙත යොමු වී ඇති බවත් ඇතැම් කතුන් ණය ගෙවා ගැනීමට නොහැකිවූ විට සියදිවි නසාගැනීම ද, ඇතැම් කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නිලධාරීන්ගේ ලිංගික අඩන්ත්තේට්ටම්වලට ගොදුරු වී ඇති බව ද වාර්තා වේ.
රටේ ආර්ථික කඩාවැටීම සහ පසුකාලීනව ජීවත්වීමේ මාධ්‍යයක් ලෙස ගණිකා වෘත්තියට යොමු වූ කාන්තාවන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් පසුගිය රජයන් වගකිව යුතු බවට ද එම වාර්තාවේ සඳහන් වේ.
මුලාශ්‍රය : Economic crisis triggers online prostitution among females
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.