මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය.
එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් පිරිස මුලතිවු ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.
මෙම සරණාගතයින් පිළිබඳව සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 26 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරට ගොස් තිබුණි.
කෙසේවෙතත් අදාළ සරණාගතයින් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
කිසිදු තැනැත්තෙකුට එම සරණාගතයින් හමුවීමට අවසර ලබානොදෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරිය නියෝග කර ඇති බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආගමන විගමන පාලක ජනරාල්වරියගෙන් ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් අදාළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ එම රැකවරණය පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාදෙනු ලබන්නේ සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා බවය.
අදාළ දැනුම් දීම ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු විසින් වාචිකව සිදුකර ඇති අතර ආගමන විගමන පාලක ජනරාල්වරිය විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සන්නිවේදනය කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වාදෙයි.
අධිකරණයමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුවම පරීකත්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැවරී ඇති බව සඳහන්ය.
අදාළ කඳවුරේ සිටින සරණාගතයින්ගෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර ඔවුන්ගෙන් බහුතරය ළදරුවන් බව වාර්තාවන බැවින් ඒ පිළිබඳව සොයාබැලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වගකීමක් බව ඔවුන් පෙන්වාදෙයි.
එම නිසා අදාළ රැකවරණය පතන්නන් වෙත කොමිසන් සභා නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.