තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
මහින්ද රාජපක්ෂ ගේ පරිහරණය සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සංඛ්‍යාව 06ක් වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එළැඹෙන 21 වෙනි සඳුදා නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.