අපි බාල ගල් අඟුරු ගේන්න එපාමයි කිවුවා ඒත් ආණ්ඩුව ඇහුවේ නෑ-නාමල් රාජපක්ෂ
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.
රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
අල්ලස් කොමිසම ගොනුකළ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හළ අතර විත්තිකරුවන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණි.
ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද නියෝග කෙරුණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ මෙම අධි චෝදනා පත්‍රයේ නීත්‍යානුකූල භාවය සහ චෝදනාවල නීති විරෝධී භාවය පිළිබඳව මූලික විරෝධතා මතුකිරීමට අපේක්ෂා කරන බවයි.
විත්තිකරුවන් විමර්ශන කටයුතුවලට සහාය වී ඇති නිසාත් ඔවුන් අධිකරණය හමුවට පැමිණ සිටින නිසාත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ද ඉල්ලා තිබේ.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය සඳහන් කළේ ඇප සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුවන් ආරම්භයේ පටන් විමර්ශන කටයුතු වලට බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන නිසාත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කොට නඩු විභාගයක් පැවැත්විය යුතු බවට කරුණු අනාවරණය නොවන නිසාත් සුදුසු ඇපයක් මත මුදා හැරීමට තීරණය කරන බවයි.
ඉන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.