ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය හරහා යම් අක්‍රමිකතාවක් වී තිබේ නම් හෝ කොමිෂන් සභා වාර්තා වල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒ පිළිබඳව අදාල කමිටුව විමර්ශන කරන බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා වත්මන් ජනාධිපතිවරයාට ලැබී ඇත්දැයි මෙතෙක් නොදන්නා බවත්, ඒ පිළිබදව කරුණු විමසා ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අතර අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය ඇතුලත ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව විජිත හේරත් වැඩිදුරටත් කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
( lankadeepa.lk - අංජුල මහික වීරරත්න)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.