මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය හරහා යම් අක්‍රමිකතාවක් වී තිබේ නම් හෝ කොමිෂන් සභා වාර්තා වල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒ පිළිබඳව අදාල කමිටුව විමර්ශන කරන බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා වත්මන් ජනාධිපතිවරයාට ලැබී ඇත්දැයි මෙතෙක් නොදන්නා බවත්, ඒ පිළිබදව කරුණු විමසා ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අතර අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය ඇතුලත ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව විජිත හේරත් වැඩිදුරටත් කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
( lankadeepa.lk - අංජුල මහික වීරරත්න)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.