මන්ත්‍රී වරප්‍රසාද කැපේ
මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ රැසක් බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ.
මේ පිරිස අතර අධිකරණවල නඩු පවතින අයද සිටින බව දැනගන්නට ඇත.
ජාතික ජාතික ජන බලවේගය විද්වතුන් ඇතුළු දේශපාලනයට අලුත් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත් කරන හෙයින් එම අපේක්ෂකයන් සමග තරග වැදිය හැකි අලුත්ම පිරිසක් ඉදිරිපත් කළ යුතු බවට බොහෝ පාර්ශව වලින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂ වල නායකයන්ට යෝජනා ඉදිරිපත්ව ඇතැයිද වාර්තාවේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම අපේක්ෂකයන්ගේ පහුගිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා ගැනීමට එම දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ඒ පිළිබඳ වාර්තා ලබා ගැනීමට නියමිතය.
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඒ බව සිය පක්ෂ වලට දැනුම්දී ඇත.
මින් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අය වෙති. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක අප සමග පැවසුවේ
තමා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණයක් ගෙන නොමැති බවයි. ආර්ථික ප්‍රශ්න ඊට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු අමාත්‍ය එස් බී දිසානායක ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තමා විශ්‍රාම දිවියක් ගත කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේදී ව්‍යවසායක දිලිත් ජයවීර ගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ සම්බන්ධ වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක් දැනටමත් එම පක්ෂය සමඟ සම්බන්ධවී ඇත. පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීම පසුගිය 4 වැනිදා ආරම්භ කෙරුණු අතර එය ලබන 11 දක්වා සිදු කෙරේ.
මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් නාම යෝජනා භාර දෙන අවස්ථාවේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මීට අමතරව මහ මැතිවරණයෙන් පසු අපේක්ෂකයන් සියලු දෙනා මැතිවරණ වියදම් වාර්තාද කොමිසමට ඉදිරිපත් කළ යුතුවේ.
(සුජිත් හේවාජුලිගේ - lankadeepa.lk)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබේ.
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල ට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.