ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව සැකකරුවන් 14ක් මෙරටට
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකින් පීඩාවට පත් සිසුවකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවය.
එහිදී අගවිනිසුරුවරයා සඳහන් කළේ, එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමුකර සංශෝධන යෝජනා වේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසය.
එසේ සකස් කර අවසන් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් අගවිනිසුරුවරයා නියෝග කර තිබේ.
පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ නවකවද සිද්ධියකදී බැකෝ ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල සිදු වූ අතර මේ හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවය.
එහෙත් මේ දක්වා තමාට පූර්ණ සුවයක් ලැබී නොමැති බව ද පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙන අතර මේ නිසා ඔවුන් හැඳින්වීම සඳහා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසින් පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.