CLOSE

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ.

ඒ අනුව එස්.එම් චන්ද්‍රසේන, පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ   සාමාජිකත්වය අත්හිටවූ බව සඳහන් කරමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතු ලිපි නිකුත් කර ඇත.

පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.