PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්රිකාවේ පිටපතක් මාර්ගගත ක්රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකියි,
https://eservices.elections.gov.lk යන මැතිවරණ ඊ-සේවා වෙබ් අඩවියට පිවිස එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවුම යන ඊ-සේවාව වෙත යොමුවීම.
එහිදී ජාතික හැඳුම්පත් අංකය යොදා ඒ අනුසාරයෙන් ලැබෙන තොරතුරු අතුරින් මැතිවරණය සඳහා ලියාපදිංචි තොරතුරු ජනාධිපතිවරණය – 2024 වෙත පිවිසීම.
එවිට 2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සඳහන් වන අතර එයට පහළින් ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර ඡන්ද දැන්වීම් පත්රිකාව මුද්රණය මඟින් නිල ඡන්ද දැන්වීම් පත්රය බාගත කර ගැනීම සඳහා යොමුවිය හැකියි.
ඒ සමඟම ඔබගේ ජංගම දුරකතනයට කේතයක් ලැබෙන අතර, එම කේතය “Enter the code” යනුවෙන් දිස්වෙන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්රිකාව බාගත කර ගැනීමේ හැකියාව ඇත.
ඡන්ද හිමියන්ට ඡන්දය ප්රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්යතාවක් නොවන අතර, 2024 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වලංගු හැඳුනුම්පතක් සහිත ඕනෑම ඡන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්යතව සනාථ කිරීම ප්රමාණවත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.