මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනපතිවරණ ගාල්ලේ අවසන් ජනරැලි අමතමින් අද (18) පැවසීය.
ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුම හෙට (19) අත්සන් කරන බව කී රනිල් වික්‍රමසිංහ ලංකාව බංකොලොත් බවින් මිදීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය අවසන් වී සති දෙකක් ඇතුළත මූල්‍ය අරමුදල ලංකාවට පැමිණෙන බවද සඳහන් කළේය.
"ජුනි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ විට මම ජනාධිපතිකම බාරගත්තා.එදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කළා.
අපට විදේශ විනිමය තිබුණේ නැහැ. ඒ යුගය ගැන අලුතෙන් කිව යුතු නැහැ.මෙතන සිටින අනෙක් අය මට වඩා හොඳින් ඒ ගැන කියාවි.පෝලිමේ හිටපු නැති ගෙයක් හොයන එක කිසා ගෝතමිය අබ මිටක් හෙව්වාට වඩා අමාරු වේවි.
බංකොලොත් බවින් මිදීමේ පළමු අදියර මම අවසන් කර තිබෙනවා.මම මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට අපගේ ණය තිරසර බවකට පත් කර ලංකාව මධ්‍යම ආදායම් රටකට සුදුසු පියවරකට පැමිණියා.
එමෙන්ම අපට ණය දුන් රටවල් දාහතක් සමගත් චීනය සමගත් වැඩසටහනක් ඇරඹුවා. අදාල කණ්ඩායම් තුනෙන් දෙකක් සමඟ වැඩසටහන ඇරඹුවා.ණය බංකොලොත් බව නැති කරන්න තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමගත් ගිවිසුමකට එන්න තිබෙනවා. ඒ ගිවිසුමත් හෙට වන විට අවසන් කරන බව කිව යුතුයි.
මම මේ චන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටුකර මේ රටේ බංකොලොත් බව නිල වශයෙන් නැතිකර තිබෙන තත්ත්වයක් යටතේයි.
මම ආර්ථිකය ස්ථාවර කළත් එය තහවුරු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා තව වසර දෙක තුනක් අවශ්‍යයි .නැතිනම් ආර්ථිකය නාය යනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැතිනම් ණය ගෙන නැවත රට වැටෙනවා. සැප්තැම්බර් 21 වැනිදා මා ඔබෙන් ඉල්ලන්නේ ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වරමක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.