මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බංග්ලාදේශයේ ඇවිලී ගිය විරෝධතා නිසා සියගණනකගේ දිවි අහිමිව ගොස් තිබිය දී ඒ සම්බන්ධයෙන් කිසිදු අනුකම්පාවක් නොදැක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා, විරෝධතා නිසා හානියට පත්වූ දුම්රිය ස්ථානයක් දැක කඳුළු හෙලීම බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වී තිබේ.
බ්‍රහපතින්දා (25) මිර්පුර් හි පිහිටි දුම්රිය ස්ථානයක් නැරඹීමට ගිය එරට අගමැතිනි ෂෙයික් හසීනා එහි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රය සහ පාලන මධ්‍යස්ථානයට හානි වී තිබෙනු දැක කඳුළු පිරි දෑසින් එදෙස බලාසිටින ඡායාරූපයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකු චෝදනා කර සිටින්නේ ඇය කිඹුල් කඳුළු හෙලන බවයි.
දින ගණනක් පුරා එරට ආරක්ෂක අංශ සහ විශ්ව විද්‍යාල සිසුන් අතර ඇවිලී ගිය ගැටුම් හේතුවෙන් 150 දෙනෙක් පමණ මරණයට පත්විය.
එරට රජයේ රැකියාවලින් 30%ක් ජාතික විරුවන්ගේ ඥාතීන්ට ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට එරෙහිව සිසු උද්ඝෝෂණ ඇතිවිය.
ඒ හේතුවෙන් රටපුරා හදිසි තත්ත්වයක් ඇතිවූ අතර පසුව එරට අධිකරණය මැදිහත්වී රැකියා කෝටාව 7%ක් දක්වා අඩු කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.