පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
යෝජිත "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" වෙනුවට "Films Sri Lanka" යන නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමානයේ සිදු කරනු ලබන ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වී නියාමනය මූලික කර ගත් කටයුතු සිදු කිරීමටත්, ඩිජිටල් වේදිකාවට අවතීර්ණ වීමට පවතින අවස්ථා සහ පහසුකම් සලසා දීමටත්, එමඟින් දේශීය සිනමාව ජාත්‍යන්තරයට යොමු කිරීමටත් හැකි වන අයුරින් නව ආයතනික රාමුවක් ස්ථාපිත කරලීම පිණිස "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව, 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබුණි.
එහිදී, එම යෝජනාව පිළිබඳව චිත්‍රපට කර්මාන්තයේ නියුතු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර අදහස් ලබා ගත යුතු බවට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වී ඇති කරුණු මත පදනම්ව "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" වෙනුවට එහි නාමය "Films Sri Lanka" ලෙස නම් කිරීමටත්, යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේදී, එකී රැස්වීමේදී ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව සැලකිල්ලට ගැනීමටත් තීරණය වී ඇත.
ඒ අනුව, එම කරුණු මත පදනම්ව "Films Sri Lanka" ආයතනය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.