පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් අක්කර දෙදහස් පන්සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාවට යැයි සඳහන් කරමින් රක්ෂිත භාවයෙන් මුදාහැරීම සඳහා වනජීවී විෂයභාර අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
එම ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.
මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.