ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජාවාරම්කාරයන්ට පාර්ලිමේන්තුවේ දොර විවර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික අනතුරු අඟවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය,
"සිංගප්පුරුව අරන් බලන්න, ඇයි ඒ රට දියුණු වෙලා තියෙන්නේ. එක ප්‍රධාන හේතුවක් වැඩ කරන අයට වැඩියෙන් ගෙවනවා. වැඩ නොකරන අයට එහෙම ගෙවන්නේ නැහැ. හොරකම් කරන අයට දඬුවම් දෙනවා. එක තමයි ඒ රටේ රහස.
ජනප්‍රිය සටන් පාඨ ගොඩනගලා තියෙනවා.... මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තටම කිව්වොත් 20-30ක් වංචනික හොරු. ඒ 20-30 පෙන්න පෙන්න කියනවා. මෙන්න මුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා. මෙන්න මුන්ට ගෙවල් දෙනවා වාහන දෙනවා. අපි ආවම ඕක නවත්තනවා කියලා. එහෙම නැවත්තුවොත් මොකද වෙන්නේ. ධම්මික පෙරේරා වගේ මහත්තුරුන්ට විතරයි පාර්ලිමේන්තු යන්න පුළුවන්. එහෙම කට්ටිය යන්නේ ඇයි ඒ වගේ තව 20-30 ගුණයක් ඒගොල්ලන්ට මේ පාර්ලිමේන්තු බලයෙන් කරගන්න.
පාර්ලිමේන්තු වැටුප ලොකු එකක් නෙවෙයි රුපියල් 54,000 යි. මාසෙකට. මේ වැටුප නැතුවම ගියොත් වෙන්නේ මොකක්ද ජාවරම්කාරයොන්ට විතරයි මුළු පාර්ලිමේන්තුවේම දොර විවෘත වෙන්නේ. මොකක්ද ඇත්තටම කරන්න ඕන මන්ත්‍රී ඇමතිවරුන්ට දෙන්න ඕන කාර්ය සාධනයක්. වැඩ කළොත් ගෙවනවා වැඩ නොකලොත් මෙහෙමයි ගෙවන්නේ කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.