පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජාවාරම්කාරයන්ට පාර්ලිමේන්තුවේ දොර විවර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික අනතුරු අඟවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය,
"සිංගප්පුරුව අරන් බලන්න, ඇයි ඒ රට දියුණු වෙලා තියෙන්නේ. එක ප්‍රධාන හේතුවක් වැඩ කරන අයට වැඩියෙන් ගෙවනවා. වැඩ නොකරන අයට එහෙම ගෙවන්නේ නැහැ. හොරකම් කරන අයට දඬුවම් දෙනවා. එක තමයි ඒ රටේ රහස.
ජනප්‍රිය සටන් පාඨ ගොඩනගලා තියෙනවා.... මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තටම කිව්වොත් 20-30ක් වංචනික හොරු. ඒ 20-30 පෙන්න පෙන්න කියනවා. මෙන්න මුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා. මෙන්න මුන්ට ගෙවල් දෙනවා වාහන දෙනවා. අපි ආවම ඕක නවත්තනවා කියලා. එහෙම නැවත්තුවොත් මොකද වෙන්නේ. ධම්මික පෙරේරා වගේ මහත්තුරුන්ට විතරයි පාර්ලිමේන්තු යන්න පුළුවන්. එහෙම කට්ටිය යන්නේ ඇයි ඒ වගේ තව 20-30 ගුණයක් ඒගොල්ලන්ට මේ පාර්ලිමේන්තු බලයෙන් කරගන්න.
පාර්ලිමේන්තු වැටුප ලොකු එකක් නෙවෙයි රුපියල් 54,000 යි. මාසෙකට. මේ වැටුප නැතුවම ගියොත් වෙන්නේ මොකක්ද ජාවරම්කාරයොන්ට විතරයි මුළු පාර්ලිමේන්තුවේම දොර විවෘත වෙන්නේ. මොකක්ද ඇත්තටම කරන්න ඕන මන්ත්‍රී ඇමතිවරුන්ට දෙන්න ඕන කාර්ය සාධනයක්. වැඩ කළොත් ගෙවනවා වැඩ නොකලොත් මෙහෙමයි ගෙවන්නේ කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.