2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර විශ්ලේෂිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේ මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම චෝදනාවට අදාලව කොල්ලුපිටිය පොලිසිය මීට පෙර කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සේන යද්දෙහිගේට විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබුණි.
කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියෙකු ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සභාපතිවරයා සිටින ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවත්, විදේශ ගමන් තහනම හේතුවෙන් ඔහු මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා බවත්ය.
මැයි 7 වැනිදා කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයකදී සභාපතිවරයා විසින් තමාට ලිංගික අඩන්තේට්ටම් කළ බව පවසමින් කොළඹ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් මැයි මාසයේදී පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සේන යද්දෙහිගේ විදේශගතව සිටියදී, අවම වශයෙන් මාසයක කාලයක් ව්‍යාපාර විශ්ලේශිකාවක ලෙස ඔන්ලයින් ඔස්සේ සේවය කළ පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇත්තේ, සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සමාගම විසින් මැයි 6 වැනි දින තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව, මැයි 7 වැනි දින සභාපතිවරයාට ඇය හමුවීමට අවශ්‍ය බව දැනුම් දුන් බවත් ය. නියමිත ස්ථානයේදී ඔහු හමුවීමේදී සේන යද්දෙහිගේ තමාට ලිංගික අඩන්තේට්ටම් කළ බවට පැමිණිලිකාරිය චෝදනා කළාය. පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය ඒ බව කොටුව මහේස්ත්රාත්වරයාට දන්වා ඇත.
ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ සිද්ධිය වූ දිනයේම සභාපතිවරයා රටින් පිටව ගොස් ඇති අතර මෙතෙක් දිවයිනට පැමිණ නැති බවයි.
සබැඳි පුවත :
Richard Pieris Group Chairman Sena Yaddehige to be arrested upon arrival
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.