තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් රැකියාදීමේදී පාරදෘෂ්‍යභාවයක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.
"ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉතා වැදගත් එකක්. මෙහිදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුවෙනවා. සලකා බලන්න පුළුවන් යෝජනාවක්. උපාධිය මූලික සුදුසුකම් වෙන පුරප්පාඩු මෙතනින් බැහැර කරන්න වෙනවා.
බැංකුවලට බඳවා ගන්න සාමාන්‍ය පෙළ විභාගයේ එකවර සම්මාන පහක් තියෙන්න ඕන. එතකොට ඉසඩ් අගය කොච්චර තිබුණත් ඕලෙවල් සම්මාන පහක් නැත්නම් බඳවා ගන්න බැරිවෙනවා. කළමනාකරණ සේවය, ග්‍රාම සේවක සේවය යන තනතුරුවලදී මේක සලකා බලන්න පුළුවන්. මේ ක්‍රමය යොදා ගැනීමෙන් පාරදූෂ්‍යභාවය වැඩිවෙනවා. පුළුවන් තරම් ඉහළට ඉසඩ් අගයක් ගන්නත් දරුවන් උනන්දු වෙනවා. මේ යෝජනාව අපිට සලකා බලන්න පුළුවන්.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.