විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් රැකියාදීමේදී පාරදෘෂ්‍යභාවයක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.
"ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉතා වැදගත් එකක්. මෙහිදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුවෙනවා. සලකා බලන්න පුළුවන් යෝජනාවක්. උපාධිය මූලික සුදුසුකම් වෙන පුරප්පාඩු මෙතනින් බැහැර කරන්න වෙනවා.
බැංකුවලට බඳවා ගන්න සාමාන්‍ය පෙළ විභාගයේ එකවර සම්මාන පහක් තියෙන්න ඕන. එතකොට ඉසඩ් අගය කොච්චර තිබුණත් ඕලෙවල් සම්මාන පහක් නැත්නම් බඳවා ගන්න බැරිවෙනවා. කළමනාකරණ සේවය, ග්‍රාම සේවක සේවය යන තනතුරුවලදී මේක සලකා බලන්න පුළුවන්. මේ ක්‍රමය යොදා ගැනීමෙන් පාරදූෂ්‍යභාවය වැඩිවෙනවා. පුළුවන් තරම් ඉහළට ඉසඩ් අගයක් ගන්නත් දරුවන් උනන්දු වෙනවා. මේ යෝජනාව අපිට සලකා බලන්න පුළුවන්.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.