ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි.
ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී එජාප ජාතික ලේකම්වරයා, කඩිනමින් ණය බරෙන් එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.
බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවවන හැටි රටට පෙන්වා දිය යුතු බව කී රවී කරුණානායක, මැතිවරණය නියමිත කාලයේදීම පැවැත්විය යුතු බවට ජනපති දැනුම් දී තිබෙන්නේ යැයි කීය.
දැන් විදෙස් ආයෝජන රටට එන්න පටන් ගෙන ඇති අතර නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ආරම්භ කෙරෙමින් තිබෙන බව ද ඔහු පැවසීය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එම කරුණු කියා සිටියේ, කොළඹදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය පිළිගැනීමෙන් අනතුරුව සියයට 28 මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවයි රවී කරුණානායක පවසන්නේ.
මෙම තත්ත්වය මත නවතා තිබූ විදෙස් ආයෝජන නැවත ආරම්භ වෙන බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.