විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට අද (5) උදෑසන පැමිණිය ද පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මුලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයා සිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටු වීමටද පියවර ගත්තේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරණ බවට ඔහුට චෝදනා කරමින්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.