වැස්ස නිසා සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල්යයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
2014 - 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3,416 අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි.
කෝප් කමිටුව පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය, පිරවුම්හල් හිමියන්ට අදාළ චක්‍රලේකයක් නිකුත් කිරීම වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීමෙන් මෙම අලාභය සිදුව ඇති බවයි.
ඒ අනුව මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙයි.
කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ, එම වංචාව සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.
බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021. මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ද අනාවරණය වී තිබේ.
ඒ අනුව
92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 5 සත 85ක් ,
95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 7යි සත 50 ක්,
LSD සඳහා රුපියල් 6 සත 96 ක් පාරිභෝගියකයින් වැඩිපුර ගෙවන බව එහිදි අනාවරණයවී තිබේ.
එමෙන්ම 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද කාරක සභාව විමසා තිබේ.
කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට විදෙස්ගතව ඇති බවයි.
මෙවැනි මූල්‍ය වංචාවක් සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කාරක සභාව වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි.
NewsFirst
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.