ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 10.00ට සිට ප.ව. 11.30 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවටය.
ඒ අනුව ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිලදි ගෙන තිබූ අතර පසුව එම නිවස අත හැර 23 වැනි මහලේ පිහිටි නිවෙසකට මාරුවී ඇත.
එම මාරු වූ නිවෙසේ කාමර 3 ක්, නානකාමර 3 ක්, බැල්කනි 4 ක් මුළුතැන් ගෙයක් සහ කෑම කාමරයකින් යුක්ත බව පොලිසිය කියයි.
පියුමි හංසමාලි එම නිවෙස වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක බොරැල්ල ප්‍රදේශයේ බැංකුවකට රුපියල් ලක්ෂ 50 ක් බැර කර තිබූ අතර පසුව රුපියල් මිලියන 87 ක මුදලක් ගෙවා තිබේ.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ එම නිවාස සහ දේපොළ වෙළෙදාම් ආයතනය සමග එකගතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
එම ගිවිසුමට අනුව 2023 අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 5 ක්, 2023 මැයි මාසයේ දී දෙවතාවකට මිලියන 143 ක් වශයෙන් ගෙවා දැමීමට එකගවී ඇත.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ එම මුදල් ගෙවා දැමීමට නියමිතව තිබුණද ඇය සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර තිබුණේ 2023 දෙසැම්බර් මාසයේ බවත් මේවන තෙක් එහි ඔප්පුව පියුමි හංසමාලි ගේ නමට ලියාපදිංචි කර නොමැති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
තවද පියුමි හංස මාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ද මේවන විට වාර්තා ලබාගෙන ඇති අතර බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද පැවැසේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් ගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජේසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 10.00ට සිට ප.ව. 11.30 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.