ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති බවත් වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව එම අධිකාරිය පවසුවේ මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
දැනට රට තුළට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙගුණයකටත් වඩා පොල්තෙල් ආනයනය කර ගබඩා කර ඇති අතර වෙළෙදපළේ පොල්තෙල් මිල ඉහළ නැංවීම පොල්තෙල් ආනයනයකරුවන්ගේ මාෆියාව විසින් සිදු කරන ලද්දක් විය හැකි බව සඳහන්.
ඒ අනුව මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඇති අතර අදාළ ආනයනකරුවන් සමග සාකච්ඡා කර පොල්තෙල් මිල ඉහළයාම පාලනය සදහා කටයුතු කරන බවයි පොල් සංවර්ධන අධිකාරිය පැවසුවේ.
කෙසේ වුවද මෙම අවස්ථාවේ පොල්තෙල් මිල ඉහළ නැංවීමට පොල්තෙල් ආනයනකරුවන් කටයුතු කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බවත්, පොල්තෙල් මිල ඉහළ නැංවීම පොල්තෙල් ආනයනකරුවන්ගේ කූඨ ක්‍රියාවක් බවත් පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කරනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.