ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (18) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, වත්කම් හිමිකරගත් පුද්ගලයින් වැනි පිරිස් පිළිබඳ අවධානය යොමු කර ආදායම් සඳහා ලියාපදිංචිය පුළුල් කිරිම ඇතුළු පසුගිය වසරේ දේශීය ආදායම් පනතට කළ සංශෝධන හේතුවෙන් බදු ගෙවිය යුතු සංඛ්‍යාව මෙසේ ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, 2022/2023 තක්සේරු වර්ෂය සදහා බදු ගෙවීමට අදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පිරිස 333,313 ක් වන අතර 2023 /2024 තක්සේරු වර්ෂයේදි එම සංඛ්‍යාව 868,009 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පිරිස ගැන දැනුම්දෙයි
මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වර්ෂයකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් හෝ ලාභ උපයන පුද්ගලයින් ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර යම් පුද්ගලයෙකුට ආදායම් වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා දීමට නොහැකි නම් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ ඒ සඳහා අවශ්‍ය සහය ලබා ගත හැකි බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කෙසේවෙතත් ඉහත ආදායමට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.