තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ අද (23) පැවති මැතිවරණ රැළිය අමතමිනි.
"නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්‍රමදානයක්. පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයක්. මේක පිරිසිඳු කරන්න ඕනේ. නොවැම්බර් මාසේ 14 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනේ. අපි දිනේ ප්‍රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිඳු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉදලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිඳු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිඳු කිරීමේ වගකීම පොළොන්නරුවේ ජනතාවට පැවරෙනවා. භාර ගන්න ඕනේ. ජාතික ජනබල වේගයේ විශාල වැඩක් තමයි මේ රට ඩිජිටල්කරණය කරන එක. පුරවැසියන්ට අවශ්‍ය කාර්යය සුවපහසුවෙන් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ ඉන්න ඕනේ නෑ ඔප්පුවක් ගන්න. පෝලිමේ ඉන්න ඕනේ නෑ මරණ සහතිකයක් ගන්න. කට්ටිය කියනවා මේ හොරු අල්ලන්නේ නැද්ද කියලා. අපි ගැන කලබල වෙන්න එපා. වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි. 2015 ඒක නාටකයක් වුණා. ෆයිල් අරන් යනවා වොයිස් කට් දෙනවා. දූෂිතයත් වොයිස් කට් දෙනවා. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. අදත් වෙලා තියෙනවා නේ. කියමනක් තියෙනවා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැණ වැට පනිනවා කියලා. පහුගිය දවස්වල ඒක දැක්කා ද? ඒ කාර්යය සිදුකරන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. කලින් වැට පැනලා. එයාලා කලබල වෙලා. අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.