ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන් නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
හෙට (11) දින නාරාහේන්පිට නිල මැදුරේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ (කිරුලපන දෙසට ඇති වම්පස) මංතීරුව වසා තැබීමට කටයුතු කරනු ලබන අතර එම මාර්ගයේම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසටම ගමන් කීරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබයි.
රථවාහන ගමනා ගමනය සීමා කිරීමට යෝජිත මංසන්ධි
- මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගයේ නාරාහේන්පිට දෙසට ඇතුළුවීම සීමා කර එම වාහන තිඹිරිගස්යාය මාර්ගයට හා දාබරේ මාවත දෙසට යොමු කිරීම.
- තිඹිරිගස්යාය පාර කිරුළ පාර හන්දියෙන් කිරුළ පාර රථවාහන ඇතුළුකිරීම සීමා කර එම වාහන හයිලෙවල් මාර්ගය දෙසට යොමු කිරීම.
- උද්‍යාන පාර හයිලෙවල් පාර හන්දියෙන් වාහන ඇතුළුකිරීම සීමා කර හයිලෙවල් මාර්ගයෙන් තුම්මුල්ල දෙසට හා කිරුළපන දෙසට යොමු කිරීම.
- බේස්ලයින් පාර හයිලෙවල් පාර හන්දියෙන් බේස්ලයින් මාර්ගයට ඇතුළුකිරීම සීමා කර එම වාහන තුම්මුල්ල දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.
- නාවල පාර නාරාහේන් පිට පාර නාවල හන්දියෙන් නාරාහේන්පිට දෙසට වාහන ඇතුළු කිරීම සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු
කිරීම.
- නාවල පාර කිරිමණ්ඩල හන්දියෙන් කිරිමණ්ඩල මාවතට ඇතුළු වන වාහන සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.
නාම යෝජනා භාරදීමට පැමිණෙන රථවාහන ගාල් කිරීමට යෝජිත ස්ථාන
• පාර්ක් පාර ශාලිකා ක්‍රීඩාංගණයේ රථ ගාල.
• පාර්ක් පාර ෆුඩ් සිටිය අසල මාර්ගයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය දක්වා ශාලිකා ක්‍රීඩාංගණය පැත්තේ එක් මංතීරුවක්.
• බේස්ලයින් පාර පොල්කේන්ගොඩ හන්දිය සිට හයිලෙවල් පාර දක්වා කොළඹට ඇතුල්වන මාර්ගයේ එක් මංතීරුවක්.
• බේස්ලයින් පාර මහවත්ත හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා කොළඹට ඇතුල් වන මාර්ගයේ එක් මං තීරුවක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.