තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
බත්තරමුල්ලේ පිහිටි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 34 කට පසුව පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ප්‍රතිපළ අනුව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගත් ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් මාසයකුත් දින 4ක් ඇතුළත මෙවැනි සීග්‍ර වර්ධනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට ලබාදීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජනතාවට ගෞරවය පුද කරන බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකයි පනහට වැටුණැයි කියු අයට ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය හොඳ පිළිතුරක් දුන් බව කී සාගර කාරියවසම් පොහොට්ටුවේ නායකයින් උගණ්ඩාවට මුදල් ගෙනගියා යැයි බොරු චෝදනා කර ජනතාව රවට්ටා, ජනතාව නොමග යවා වර්තමාන ආණ්ඩුව ඡන්දය ගත් බව පැහැදිළි බවත් පැවසිය.
.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.