PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (05) දෙවන දිනටත් ක්රියාත්මක වේ.
ඊයේ පෙරවරු 8.30ට ආරම්භ වුණු පළමු දින තැපැල් ඡන්ද විමසීම, පස්වරු 4.30 දක්වා පැවැත්වුණු අතර පොලීසිය සඳහන් කළේ, කිසිදු බාධාවකින් තොරව එම කටයුතු සිදු කෙරුණු බවයි.
එසේම, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක කියා සිටියේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
"අද දිනයේ සියලුම තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් තිබෙන්වා. මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව."
තැපැල් ඡන්ද විමසීම හෙට (06) දිනයෙත් සිදුවන අතර ඒ සඳහා ස්ථාපිත මධ්යස්ථාන සංඛ්යාව 1500 අධිකයි.
අද සහ හෙට ත්රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්ය ආයතනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
ඊට අමතරව ජ්යෙෂ්ඨ නියෝජ්ය සහ නියෝජ්ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12 ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්ය සේවකයින් සංඛ්යාව 712,319 කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.