පළාත් රැසකට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීම අද (මැයි 6) සවස 4:00ට අවසන් විය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මව්බිම වෙබ් අඩවිය සිදු කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ, ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 55%ත් 60%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි උපකල්පනය කරන බව ය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක පැවැත්විණි.
පරිපාලන දිස්ත්‍රික්ක 25ක පළාත් පාලන ආයතන කොට්ඨාස 4,877ක එම ඡන්ද විමසීම සිදු කෙරිණි.
නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති, ඇතුළු සභිකයන් 8,287ක් පළාත් පාලන ආයතන සඳහා මෙම ඡන්දයෙන් තෝරා පත්වීමට නියමිත වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හෙට (09) දිනයේ දී පළාත් රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.