2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
2025 පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීම අද (මැයි 6) සවස 4:00ට අවසන් විය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මව්බිම වෙබ් අඩවිය සිදු කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ, ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 55%ත් 60%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළේ යැයි උපකල්පනය කරන බව ය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක පැවැත්විණි.
පරිපාලන දිස්ත්‍රික්ක 25ක පළාත් පාලන ආයතන කොට්ඨාස 4,877ක එම ඡන්ද විමසීම සිදු කෙරිණි.
නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති, ඇතුළු සභිකයන් 8,287ක් පළාත් පාලන ආයතන සඳහා මෙම ඡන්දයෙන් තෝරා පත්වීමට නියමිත වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා තීරණය කර තිබේ.
ඊශ්‍රායලයේ විදේශ සංක්‍රමණික සේවකයන් ඉලක්ක කොට රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වී ඇති බවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.