පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට
කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.
සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ඊයේ (11) කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් තරග දෙකේ පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෑල්ලුවට ලක්කිරීම අසාධාරණ බවය.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
"නොදන්න මඟුල්වලට එක එක හෑලි ලියන උන්ට නම් අම්මපා මොකක්ද කරන්නේ කියලා තමයි කල්පනා කරන්නේ. ක්‍රීඩාව දැන් වැටිලා. සමාජ මාධ්‍ය බැලුවොත් සියලුදෙනා දැන් වනිඳුටත් වැඩිය හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් අය. කොහෙවත් යන කීබෝඩ් වීරයන්ගේ කීමට ක්‍රිකට් වෙනස් කරන්න ගියොත් සති පතා වෙනස් කරන්න වෙන්නේ."
පසුගියදා නව නියෝග පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධුර කාලය දීර්ඝ කර ඇතැයි ඇතැමුන් එල්ල කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය ඒවා බව ද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසී ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.