ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව අද (16) සිට
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.
කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම පාහේ වෙසක් තොරණ, පහන් කූඩු හා දන්සැල් වැනි ආමිස පූජා ද අද දිනයේ සංවිධාන කර ඇත.
බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබීය.
සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍රවන බවට එහිදී සීහ නාද පැවැත්විය.
ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්මගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතුමහා රුක් සෙවණේ භාවනාවට සමවැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවයි.
එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් විය.
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයණේදී අනුපදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාලහ.
වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයකි.
බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.
එහිදී උන්වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනකයි.
මෙරට ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් වන විජය රජු ඇතුළු සත් සීයක් පිරිස සිරිලකට පැමිණෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක බව වංශ කතාවල සඳහන් විය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.