තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙරට ප්‍රථම වරට රජයේ රෝහලක් තුළ ශුක්‍රාණු ධාතු බැංකුවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කර තිබේ.
මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙය ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වී ඇති බවත් මෙම ශුක්‍රාණු ධාතු ලබාගැනිම ඉතා රහසිගතව පුද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයෙන් සිදුවන බවත් කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.
”මෙම ධාතු බැංකුව පසුගිය කාලයේ සිදුකරගෙන ගියා. මෙමගින් අපිට මඳසරුභාවය තියෙන අම්මලා,ශුක්‍ර ධාතු අඩු පියවරු හමුවුණා…මව තෝරා ගෙන IUI ක්‍රමයක් මඟින් ධාතු තැන්පත් කරනවා.HIV,HEPATITIS,VDRL ලේ පරීක්ෂණ සිදුකරනවා.මෙම පරික්ධණ වලින් සමත්වෙන පියවරු මාස තුනකට පසු නැවත යළි පරීක්ෂණයකට භාජනය කරනවා……”
ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු වේ.
මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් උපකාර කිරීමට ඔබත් කැමති නම් 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.