වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බැවින් එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා නිසි ආරක්ෂක උපදෙස් පිළිපදින මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ.
මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ දවස පුරා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවය.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් ජනයාට සිදු වූ තුවාල හෝ තදබල හානි වාර්තා නොවන බව ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා ඇත.
මේ අතර පසුගිය 20 වැනි දින රාත්‍රීයේදී TABA දේශසීමාව හරහා ශ්‍රී ලංකාව වෙත පිටත්වීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණද පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න සහ කාර්ය මණ්ඩලය විසින් ඊජිප්තුවේ ආරක්ෂක හා දේශසීමා කණ්ඩායම් සමග කළ සම්බන්ධීකරණයෙන් පසු ආරක්ෂක හමුදාවේ සහායෙන් ඔවුන් ඊයේ (21) උදෑසන කයිරෝ ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බව තානාපතිවරයා පවසයි.
තානාපතිවරයා පැවසුවේ ඔවුන් අද උදෑසන කයිරෝ ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව තිබූ බවය.
තවද ඊයේ දවස තුළ ශ්‍රී ලංකාව බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් තිදෙනෙක් පැමිණි අතර තානාපති කාර්යාලය විසින් ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි සකස් කර දුන් බවත් ඔවුන් පිරිසද TABA දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
RE - ENTRY වීසා කාලය දීර්ඝ කර ගැනීමට තානාපති කාර්යාලයේ සහාය
මේ අතර දැනට ඊශ්‍රායලයේ සේවය කර ශ්‍රී ලංකාවට නිවාඩු ලෙස පැමිණි තවත් 119 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බව තානාපති කාර්යාලය වෙත දන්වා ඇති බවත් එයට අමතරව ඩුබායි හා අබුඩාබි ගුවන්තොටුපොළවල රැඳි සිටි 10 දෙනෙකුද නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇති බවත් තානාපතිවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව ඔවුන්ගේ RE -ENTRY වීසා කාලය දීර්ඝ කර ගැනීමට PIBA ආයතනය වෙත දන්වා ඇතැයිද පැවසූ තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව ඉරාන ප්‍රහාර ආරම්භ වීම හේතුවෙන් RE -ENTRY වීසා කාලය ඉකුත් වූ සියලුම විදේශිකයින්ට නැවත ඊශ්‍රායලයට පැමිණීමට හැකිවන පරිදි නැවත ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ වූ වහාම පියවර ගන්නා බව ඔවුන් පවසා ඇති බවය. ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.
ඉන්දීය මෙහෙයුම ඊශ්‍රායලයටත් - ශ්‍රී ලාංකිකයින්ටත් තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
එමෙන්ම ඉන්දීය රජය විසින් ඉල්ලුම් කරන ලද ඉන්දියානු ජාතිකයින් තම රටට රැගෙන යාම සඳහා ජෝර්දානයේ අම්මාන් නගරයේ සිට නවදිල්ලි ගුවන් තොටුපොළ දක්වා වරින්වර ගුවන් යානා යොදවා ඇති බව ඊශ්‍රායලයේ වෙසෙන ඉන්දීය තානාපතිවරයා පැවසූ බවත් ඒ අනුව මෙම ගුවන් මාර්ගය භාවිත කොට අම්මාන් ගුවන් තොටුපොළ හා නව දිල්ලි ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට අපේක්ෂා කරන පිරිස් වේ නම් තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන ලෙසද ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.