ළමුන් හා කතුන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස පළ කළ තරුණයෙක් අත්අඩංගුවට
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වර්ෂාපතනය අවම ප්‍රදේශයක පිහිටි යාල ජාතික උද්‍යානයේ කලාප i හා ii ප්‍රදේශවලට නියං සමය එලඹීමෙන් පසු උද්‍යාන කළමනාකරණ ක්රමෝපායයන් යටතේ සෑම වසරකම අගෝස්තු , සැප්තැම්බර් යන මාසයන්හි වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතීතයේ සිටම පියවර ගෙන තිබේ.
දැඩි නියං තත්වය සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාම මගින් වනජීවීන් ඇතුළු සමස්ථ පරිසර පද්ධතියට තාප ආතති (Heat Stress) තත්වයක් බලපාන බැවින් එම පරිසර පද්ධතිය වෙත ආගන්තුකයින්ගේ පැමිණීම, පරිසර පද්ධතියට සහ වනජීවීන්ගේ ස්වභාවික හැසිරීමට බාධාවක් වේ.
උද්‍යානයේ වනජීවීන් ඇතුළු පරිසර පද්ධතියට සිදුවන බාහිර බලපෑම් සහ පීඩනය අවම කර පරිසර පද්ධතියේ පැවැත්ම ඇතුළු වනජීවීන්ගේ ජීවන චක්‍රය නිසි පරිදි පවත්වාගෙන යා හැකි පරිදි මාසයක් කාලයක් යාල ජාතික උද්‍යානය වසා තැබීමට කටයුතු කෙරේ.
මෙම කාල සීමාව තුළ උද්‍යානය තුළ පවත්නා මාර්ග, දිය කඩිති, ප්‍රතිසංස්කරණය හා නඩත්තු කටයුතු සිදු කිරීමට පියවර ගන්නා අතර මෙලෙස සංචාරකයන් සඳහා ජාතික උද්‍යානය වසා තැබීමෙන් පරිසර පද්ධතිය ස්වභාවිකව තුළනය වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේ.
යාල ජාතික උද්‍යානය වසා තැබෙන කාලය තුළ උද්‍යානයට ඇතුළු වීමට අවසර ලැබෙනුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යය මණ්ඩලයට පමණක් වන අතර යාල කලාප iii, iV, V සහ Vi දෙස් විදෙස් සංචාරකයන් සඳහා තවදුරටත් විවෘතව තැබේ.
ඉදිරි කාලයේ ඇතිවිය හැකි කාලගුණික ස්වභාවය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කළ අනාවැකි මත යාල ජාතික උද්‍යානයේ දැඩි ලෙස තාප ආතතියෙන් පීඩාවට පත්ව ඇති කලාප කඩිනමින් වසා තැබීමට පියවර ගෙන තිබේ.
උග්‍ර නියං තත්වය තවදුරටත් රඳා පැවතීම, වර්ෂාව ඇතිවීම හා අධික ගං වතුර තත්වයක් ඇතිවීම යන සාධක මත යාල කලාප i හා ii වසා තැබෙන කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට හෝ අවම කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.