සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37කට නිවාඩු
'සිරි දළදා දැක්ම' ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 37ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ.
ලොව විශාලතම අපනයනකරු වන චීනයේ ආනයන සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 104%ක තීරු බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට නව තීරු බදු පැනවූ අතර චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදුවලට එරෙහි පියවරක් ලෙස චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
'සිරි දළදා දැක්ම' ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 37ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ.
අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ කෙරෙන සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග ගැන දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.