කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් - අයෙක් රෝහලේ
අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
ලොව විශාලතම අපනයනකරු වන චීනයේ ආනයන සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 104%ක තීරු බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට නව තීරු බදු පැනවූ අතර චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදුවලට එරෙහි පියවරක් ලෙස චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.