ළමා දින ජාතික සතියට අනුමැතිය
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හී විවිධ පුද්ගලයින් විසින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබා දෙන බව එම නිවේදනයේ දැක්වේ.
එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇතැයි මේ වන විට වාර්තා වී ඇති බවය.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ මෙම ක්‍රියාව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බැවින් මේ සම්බන්ධව අදාළ පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙස සහ මේ සම්බන්ධව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වසම්භාර නිලධාරීන් දැනුවත් කරන ලෙසත්ය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමතුම් ලැබී ඇත්නම් ඒ පිළිබඳව අස්වැසුම ප්‍රතිලාභීන් මගින් අදාළ පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙසත් එම මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.
හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති World Athletics Ultimate Championship තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.