බදාදා නිවාඩුව අවලංගුයි
මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.
ආණ්ඩුවට විරුද්ධවාදින් සිටින නමුත් ශක්තිමත් විපක්ෂයක් නොමැති බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත පවසයි.
55 වන අප්‍රේල් විරු සැමරුම වෙනුවෙන් බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
"71 මේ පාලකයෝ විනාශ කරේ... 88-89 මේ විනාශ කරේ... මේ රටේ ඉදිරියට ආපු... කවුද... දියුණුම මානව සම්පත්තිය. ඒ ටික විනාශ වුනාට පස්සේ මේක ටිකක් මානව සම්පත් තුළ කාන්තාරයක් වගේ. ඊළඟට ඊළඟ දියුණු මානව සම්පත්ති ටික ජීවිතය හොයාගෙන රට ගියා. එහෙම රටක් මේ. දිවුණු මානව සම්පත් වල හිගයක් පවතින රටක් මේක. මානව සම්පත් හිඟයක් තියෙනවා. ඒ දියුණු මානව සම්පත් මුන් වැනසුවා පහුගිය කාලේ. එහෙනම් අපිට එතනත් අභියෝගයක් තියෙනවා. මානව සම්පත් ගොඩනගා ගනිමින් මේක කරගෙන යන්න තියෙනවා. ඉතින් අභියෝග ගොඩයි. හැබැයි යන්න වෙන්නේ මෙහෙම තමයි. ඒ බලය ගිලිහෙයි කියලා ඒගොල්ලෝ හිතුවේ නෑ හැබැයි ගිලිහුනා. දැන් ඒගොල්ලන්ට දිගට හරහට වදිනවා. එකතු වෙන්නත් ඉඩක් නැහැ. අපිට විරුද්ධවාදීන් ගොඩක් හිටියට විපක්ෂයක් නෑ. විරුද්ධවාදින් ඉන්නවා හැබැයි ශක්තිමත් විපක්ෂයක් නෑ. ඒගොල්ලන්ට දැන් දැනිලා තියෙනවා තේරෙනවා නැවත ඔලුව උස්සන්න හම්බවෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ. අර කලින් අපිත් එක්ක තිබ්බ සතුරුභාවයට වඩා වර්තමානයේ සතුරු මානසිකත්වය වැඩියි. ලෙනින් ගෙන්ම තමයි බලය ගිලිහච්ච අයගේ ප්‍රතිගාමීත්වයේ උවමනාව බලය ගිලිහෙන්න කලින් තිබුනටත් වඩා වැඩි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.
අලුත් අවුරුදු සමයේ දී භාණ්ඩ මිලදී ගැනීම , ගෙවීම් කටයුතු සිදුකිරීම ඇතුළු අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කරමින් ගනුදෙනු සිදුකිරීමේ දී ජනතාවගේ මුදල් හා තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
ලක්විජය බලාගාරයේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා ගල් අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.